ලුණු වතුරෙන් දුවන සුපිරි කාර් එක 2014
2014 ජිනීවා මෝටර් රථ සංදර්ශනයේදියි මහජනයාට මුලින්ම දැකගැනීමට හැකි වූ මෙයට තවම මිලක් නියම කර නොමැත. සමහර ව්ද්වතුන් සහ විශේෂඥයන් පවසන අන්දමට මෙහි වටිනාකම මෙයින් එකක් අවම වශයෙන් පවුම් මිලියනයක් පමණ වේ යැයි ගණන් බලා ඇත. දැනට මෙයට දැන් මෙයට යුරෝපයේ මහා මාර්ගවල ධාවනයට අවසර ලැබී ඇත.
ජර්මන් ජාතිකයන් විසින් නිපදවන ලද මේ සපෝර්ට් කාර් එක ධාවනය වන්නේ පෙට්‍රල් වලින් නොව ලුණු වතුරෙන් ය. 100% ක් ම පරිසර හිතකාමී හෙයින් පරිසරයට කිසිම හානිදායක රසායනයක් පිට නොකරයි. මෙම කාර් එක ලුණු වතුරෙන් දිව්වද performance වලින්නම් අඩුවක් නැත. එනම්,
- පැයට හැතැප්ම 217.5ක (පැ. කි.මී. 350ක) වේගයෙන් පදවන්නත් පුළුවන්
- බර රාත්තල් 5,070ක් (කි.ග‍්‍රෑම් 2,300ක්) පමණ වේ
- පණ ගන්වා තත්පර 2.8ක් ඇතුළත පැ.හැ. 60ක (පැ.කි.මී 100ක) වේගයකට ඉහළ නැංවිය හැකි හැකියාව
- අශ්වබල 920ක (කිලෝවොට් 680ක) ජවයක් ඇත
- ආසන හතර නිසා හතර දෙනකුට පහසුවෙන් යන්න පුළුවන් හැකියාව
- මෙහි දිග මිටර් 5.25ක්; පළල මීටර් 2.2ක්; උස මීටර් 1.35ක්. අඟල් 22 රෝද සමග දෙපැත්තෙන් ඉහළට ඇරිය හැකි දොරවල් දෙකක් ඇත
මෙහි ඇති විදුලි මෝටර් ක්‍රියා කරන්නේ විද්‍යුත් විච්චේදයෙන් බලය සැපයෙන ආකාරයටය. හයිඩ්‍රජන් කෝෂ වලට සමාන ක්‍රියාකාරිත්වයක් ඇති මෙය බලශක්ති ලෙස ලවණ ජලය බාවිතා කරයි. එහි ද්විත්ව ටැංකියකින් යුක්ත වන අතර ඒ එක් ටැංකියක ඇති ලවණ දියරය පෙරණ පටලයක් හරහා අනෙක් ටැංකියට මාරු වීමෙන් විද්‍යුත් අරෝපනයක් සිදු වේ. එහිදී ජනනය වන විද්යුතය Capacitor හෙවත් ධාරිත්‍රක මගින් ගබඩා කර රථයේ රෝදවලට සවි කර ඇති මෝටර්වලට බෙදා හරිනු ලබයි.
ජර්මනියේ NanoFlowcell AG කියන සමගම තමයි මේ අපූරු නිර්මාණය කරලා තියෙන්නේ. ධාවන හත්හදා බැලීම් වලින් පසුව වෙළඳ පොලට නිකුත් කිරීමට ඔහුන් බලාපොරොත්තු වෙනවා. මෙහි ඇති බැටරිවල බලශක්ති ධාරිතාව මේ හා සමාන බර ඇති ලිතියම්-අයන් බැටරියක මෙන් පස් ගුණයක් වැඩියි කියලයි ඔවුන් කියන්නෙ. NanoFlowcell AG ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති වන Professor Jens-Peter Ellermann කියන පරිදි මෝටර් රථ කර්මාන්තයට එහා ගිය මේ තාක්ෂණය ගෘහස්ථ බලශක්ති පද්ධතිවලටත්, දුම්රිය, නාවික, ගුවන්යානා ආදි අංශවලටත් ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වන බව සදහන්.
2014 ජිනීවා මෝටර් රථ සංදර්ශනයේදියි මහජනයාට මුලින්ම දැකගැනීමට හැකි වූ මෙයට තවම මිලක් නියම කර නොමැත. සමහර ව්ද්වතුන් සහ විශේෂඥයන් පවසන අන්දමට මෙහි වටිනාකම මෙයින් එකක් අවම වශයෙන් පවුම් මිලියනයක් පමණ වේ යැයි ගණන් බලා ඇත. දැනට මෙයට දැන් මෙයට යුරෝපයේ මහා මාර්ගවල ධාවනයට අවසර ලැබී ඇත.





No comments:
Post a Comment